Character Design Competition

Character Design Competition

වෙක්ට කලාවේ චරිත නිර්මාණය යනු වෙක්ට මත පදනම් වූ මෘදුකාංග භාවිතයෙන් අද්විතීය සහ දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය චරිත නිර්මාණය කිරීමේ ක්‍රියාවලියයි. සැලසුම් කිරීම, කලාකරුවන් එක් එක් චරිතය සඳහා වෙනස් ලක්ෂණ, හැඩයන් සහ සමානුපාතිකයන් සැකසීමට දෛශික මෙවලම් භාවිතා කරයි. එය ඔවුන්ගේ ගෙන ඒමට කලාකරුවන්ට බලය ලබා දෙයි ජීවිතයට මනඃකල්පිත අදහස් සහ දෘශ්‍යමය වශයෙන් ආකර්ෂණීය සහ අමතක නොවන චරිත සමඟින් ප්‍රේක්ෂකයින් ආකර්ෂණය කරයි.

තරඟ නීති සහ රෙගුලාසි

තරඟයට සහභාගි වන සියළු තරඟකරුවන් තරඟ නීති රීතී සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.

  • ● නියමිත දිනට පෙර වෙබ් අඩවි‌යෙහි ලියාපදිිංචි වී අංකයක් ලබා ගත යුතුය.
  • ● ඕනෑම ‌මො‌හොතක ඔබේ නිර්මාණය සිදු කළ මුල් පිටපත් ලබා දීමට සූදානම්ව සිටිය යුතුය.(Upload කිරී‌මේදී Source file ලබා දීම සිදු නොකරන්න)
  • ● එක් අයෙකුට තරඟාවලිය සදහා ඉදිරිපත් කල හැක්කේ එක් නිර්මාණයක් පමණි.
  • ● ඔබ ඉදිරිපත් කරන කරන Character එකෙහි Full Figure Drawing එකක් ඉදිරිපත් කිරීම අනිවාර්ය වේ.
  • ● පසුබිම් නිර්මාණයක් සිදුවන්නේ නම් එය අදාල චරිතය නිරූපණයට බාධාවක් සිදු නොවන ලෙස නිර්මාණය විය යුතුය.
  • ● මෙහිදී ඔබේ නිර්මාණශීලිත්වයට ඉඩ දීම සඳහා අප විසින් ඔබගේ නිර්මාණය සිදු කිරීමට යොදා ගන්නා software සඳහා සීමාවක් පනවන්නේ නැති අතර ඔබට ඕනෑම software එකකින් නිර්මාණය සිදුකල හැක.(AI Generators භාවිතා කළ ෙනාහැකිය.)
  • ● ඔබගේ නිර්මාණ JPEG හෝ PNG ආකාරයට ඉදිරිපත් කල හැකිය. නිර්මාණයේ resolution 960px x 1280px වඩා වැඩි විය යුතු අතර ධාරිතාවය 20MB වට වඩා අඩු විය යුතුය.
  • ● ඉදිරිපත් කරන නිර්මාණය තමන්ගේම විය යුතු අතර වෙනත් නිර්මාණයකින් Trace කිරීම හෝ නිර්මාණය වෙනත් අයෙකුගේ බව තහවුරු වුවහොත් තරඟාවලියෙන් ඉවත් වීමට සිදු වේ.
  • ● දේශපාලනය, ආගම්වාදය හා සමාජයට හානිකර නිර්මාණයක් විනිශ්චය සඳහා ඉදිරිපත්කරනු නොලබන අතර ඒවා තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • ● ඉදිරිපත් කරන සියළුම නිර්මාණ තුල character එකෙහි අනන්‍යතාවය (නම සහ විස්තරයක් නිර්මාණය ඇතුලත ඉදිරිපත් කිරීමට අවසර ඇත) හැර කිසිදු ආකාරයේ ලාංඡන (logo), කතෘ අයිතිය සම්බන්ධ සලකුණු (copyright marks), හෝ වෙනත් කිසිදු ආකාරයේ සළකුණු නොතිබිය යුතුය.
  • ● නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණය ලෙස තරඟ කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වන අතර සියළුම නිර්මාණ තරඟ කාණ්ඩ දෙකට අඩංගු වේ.
  • ● නිර්මාණාත්මකම නිර්මාණය විනිශ්චය මණ්ඩලය මඟින් තෝරාදෙන අතර ජනප්‍රියම නිර්මාණය සඳහා නිර්මාණයට හිමිවන මනාප (facebook likes) මඟින් තෝරාගනු ලැබේ.
  • ● විනිශ්චය මණ්ඩලය මඟින් අවසාන තීරණය ලබා දෙනු ලැබේ.
  • ● ඔබගේ නිර්මාණය JPEG හෝ PNG ලෙස තනි ගොනුවක් ලෙසත්, නිර්මාණය පිලිබද 50කට ෙනාවැ􀆋 කෙටි හැඳින්වීම (character name and description about the character) pdf එකක් ලෙසත් පැහැදිලිව සඳහන් කර ඉහත සඳහන් සියලුම ගොනු ලියාපදිංචි අංකය නමින් නම් කරන ලද (Rename) තනි zip / rar ගොනුවක් ලෙස උඩුගත කල යුතුය.
  • ● ඔබපේ නිර්මාණය උඩුගත කිරීමේදී ඔබේ නිර්මාණයේ layers වල screenshot කිහිපයක් නිර්මාණය සමග උඩුගත කිරීම අතයවශය වේ.
  • ● උඩුගත කිරීමට ප්‍රථමව අපගෙ වෙබ් අඩවි (https://rusara2023.github.io/official/) ඇති ගූගල් ෆෝරමය පුරවා ඒ හරහා zip ගොනුව උඩුගත කල යුතුය.

Download Rules

Submission Deadline : 2023 August 20





විනිශ්චය මණ්ඩලය

Dubbing Competition

Mr.Isuru Hathurusinghe

ඩිජිටල් චරිත සිතුවම් නිර්මාණ තරඟාවලිය

Dubbing Competition

Mr. S.G. Fernandez

ඡායාරූප සැකසීම් තරඟාවලිය

"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2023


මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

REACH US

Email : ruusara2023@gmail.com

Mobile :

076 916 2111 (Rashmi Virajitha)

076 976 5143 (Pethum Dilhara)