Dubbing Competition

Dubbing Competition

හඬකැවීම යනු චිත්‍රපටයක හෝ රූපවාහිනී වැඩසටහනක හඬ වෙනුවට වෙනත් භාෂාවකින් පරිවර්තිත දෙබස් දැමීමේ කලාවයි. එය නරඹන්නන්ට තේරුම් ගැනීමට ඉඩ සලසයි සහ උපසිරැසි මත රඳා නොසිට අන්තර්ගතය රසවිඳින්න.හඬකැවීම් විවිධ ප්‍රේක්ෂකයින් වෙත ගෝලීය විනෝදාස්වාදය ගෙන එයි, භාෂා බාධක බිඳ දමයි සංස්කෘතික හුවමාරුව පෝෂණය කිරීම.

තරඟ නීති සහ රෙගුලාසි

තරඟයට සහභාගි වන සියළු තරඟකරුවන් තරඟ නීති රීතී සියල්ල හොඳින් කියවා අවබෝධ කරගත යුතුය.

  • ● උඩුගත කිරීමට ප්‍රථමව අපගේ වෙබ් අඩවිය (https://rusara2023.github.io/official/) හරහා ලියාපදිංචි වී, ලියාපදිංචි අංකයක් ලබා ගත යුතුය.(කාලීන තොරතුරු වට්ස්ඇප් හරහා දැනුම් දෙනු ලැබේ).
  • ● ඔබගේ හඬ කැවීම් පිටපත (script) ඔබගේ නිර්මාණයක් විය යුතුය.
  • ● cartoon චරිත හඬකැවීම සහ මිනිස් චරිත හඬකැවීම යන අංශ 2ක් ඔස්සේ ඔබ කැමැති ඕනෑම වීඩියෝ 2ක් සඳහා හඬකැවීම් කළ හැක.
  • ● වීඩියෝ පටයන් සංසේකරණය හෝ වෙනත් වෙනසේකම් වලට ලක් කිරීම් නොකළ යුතුය.
  • ● හඬ කැවීම් සඳහා ‌පෙර දෙබස් (Copyright content) භාවිතා කර තිබුණහොත් තරගයෙන් ඉවත් කරනු ලැ‌බේ.
  • ● තරඟකරුවන් තම නිර්මාණ නියමිත දිනට පෙර මාර්ගගත ක්‍රමයෙන් ඉදිරිපත්කල යුතුය.
  • ● එක් කණ්ඩායමකට ඉදිරිපත් කල හැකිවන්නේ නිර්මාණ 2ක් පමණි.
  • ● එක් කණ්ඩායමකට සම්බන්ධ විය හැකි උපරිම සාමාජිකයන් ගණන 5කි.
  • ● දේශපාලනික මඩ ගැසීම්, ජාතිවාදි දෙබස් නැති විය යුතුයි. එවැනි දෙබස් ඇතුළත් වේනම් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • ● අසභ්‍ය වචන,පරුෂ, සැර වචන භාවිතා නොකල යුතුයි. එවැනි දෙබස් ඇතුළත් වේනම් තරඟයෙන් ඉවත් කරනු ලැබේ.
  • ● Upload කරනු ලබන වීඩියෝ size එක 500MB ට අඩුවිය යුතුය.
  • ● වීඩියෝ mp4 ආකාරයෙන් ඉදිරිපත් කල යුතයු . 1920x1080 කැමති frame size එකක් භාවිතා කලහැක.
  • ● නිර්මාණාත්මකම හා ජනප්‍රියතම නිර්මාණය ලෙස තරඟ කාණ්ඩ දෙකකින් තරඟය සමන්විත වේ.
  • ● නිර්මාණාත්මකම වීඩියෝ පටයන් විනිශ්චය මණ්ඩලය මඟින් තෝරාදෙන අතර ඉන් හොඳම නිර්මාණාත්මක වීඩියෝ 10 අපගේ Facebook පිටුවෙහි පල කරනු ලබන අතර ඉන් ජනප්‍රියම නිර්මාණය Facebook මනාප (Facebook likes) මඟින් තෝරාගනු ලැබේ.
  • ● විනිශ්චය මණ්ඩලයේ තීරණය අවසාන තීරණය වේ.
  • ● ලකුණු ලබාදීමේදි විනිශ්චය මණ්ඩලය ප්‍රධාන ලෙස,
    • (i) වීඩියෝ පටයේ නිර්මාණාත්මක බව
    • (ii) චරිතයට අනුව හඬ ගැලපීම සහ පාලනය
    • (iii) වීඩියෝ පටයේ හා දෙබස් වල ගලා යාම
    • (iv) වීඩියෝ පටයේ දෙබස් වල අර්ථවත් බව හා සුසංයෝගය සලකා බලයි.
  • ● අවසන් නිර්මාණය, ලියාපදිංචි අංකය නමින් නම් කරන ලද (Rename) තනි zip / rar ගොනුවක් ලෙස උඩුගත කල යුතුය.
  • ● උඩුගත කිරීමට ප්‍රථමව අපගේ වෙබ් අඩවිය (https://rusara2023.github.io/official/) ඇති ගූගල් ෆෝරමය පුරවා ඒ හරහා zip ගොනුව උඩුගත කල යුතුය.

විනිශ්චය මණ්ඩලය

පසන් රණවීර

ඉශාර වික්‍රමසිංහ



Download Rules

Submission Deadline : 2023 August 20



"මාගේ දේශය අවදි කරනු මැන" ශිෂ්‍ය සාහිත්‍ය උළෙල - 2023


මහා ශිෂ්‍ය සංගමය, සාහිත්‍ය අනුකමිටුව,
පේරාදෙණිය විශ්ව විද්‍යාලය

REACH US

Email : ruusara2023@gmail.com

Mobile :

076 916 2111 (Rashmi Virajitha)

076 976 5143 (Pethum Dilhara)